Popular Posts

Friday, August 26, 2016

ශ්‍රී ලාංකේය ක්‍රීකට් වංශකථාවේ ඔටුනු නොපලන් රජූ - තිලකරත්න දිල්ශාන් !. (Ishan Jayawardane ගේ ලිපියකි)

"කණ්ඩායමට නායකයෙක් නෑ , ඔයා ඇවිත් නායකයා වෙන්න !.
"ඔයාගෙ නායකත්වය හරි නෑ, අපි ඔයාව අයින් කරනවා !.
"මිඩ්ල් ඔර්ඩර් එකට අලුත් අය ගන්න ඕනෙ. ඔයාට තැනක් නෑ. ගිහින් සනත් එක්ක ඕපන් කරන්න, ෆේල් උනොත් එලියේ තමා !.
"හෙට සංගා ගහන්නෙ නැ ලූ. ඔයා කීප් කරන්න හෙට !.
"බොලර් කෙනෙක් අඩුවෙන් ගහන්නෙ, ඔයා ඕවර් ටිකක් පාස් කරලා දෙන්න !.
ඒ පුහුණුකරුවන් , කලමණාකරුවන් විටින් විට ඔහුගෙන් කල ඉල්ලීම්ය. 
ඒ හැම ඉල්ලීමකටම ඔහුගේ පිලිතුර සරල ය. ඒ "හරි" යන්නය. ඔහු වෙන කව්රුත් නොවේ !. වසර ගණනක සිට ශ්‍රී ලංකා ක්‍රීකට් කණ්ඩායමේ ගැලවුම්කරුව සිට සිය අවසන් එක්දින ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කිරීමට සුදානම් වන ඔහු නමින් තිලකරත්න දිල්ශාන් !.
මෑත කාලයේ කණ්ඩායමට වැඩියෙන්ම ආදරය කල , කණ්ඩායම වෙනුවෙන් වැඩිපුරම කැප කීරිම් කල ක්‍රීඩකයාත් දිල්ශාන් !.
ජ්‍යේෂ්ට ක්‍රීඩකයන් තමන්ගේ ස්ථානය පවා වෙනස් කීරීම ප්‍රතික්ෂේප කළ සමයක මැද පෙලෙ සිය ස්ථානය නවකයෙකුට ලබා දී ඔහු ආරම්භක පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කරනවා. ආරම්භක පිතිකරු වි ඉන්පසු අසාර්ථක වූ පසු දිල්ශාන් කණ්ඩායමෙන්ම එලවා දැමීමට උත්සාහ කල අයට ඔහු පිලිතුරු දුන්නෙ එක පිට එක ශතක වලින් !.
නායකයෙක් නොමැතිව අයාලෙ ගිය කණ්ඩායමට නායකත්වය දෙන්න ඔහු ඉදිරිපත් උනේ තමන් පැලැද සිටි කරාබු ඉවත් කර පාට කර සිටි කොණ්ඩය කපා!.
නමුත් සෙසු ජ්‍යේෂ්ට ක්රීඩකයන්ගෙන් නායකයෙකු ලෙස ඔහුට සහය ලැබුනේ නැ. එම නිසාම පිතිකරුවෙකු ලෙස ඔහු උපරිම උත්සාහ කළත් ඔහුගේ නායකත්වය යටතේ කණ්ඩායම පරාජයන් කිහිපයකට ලක් වෙනවා !. 
ඉන් පසු එම පරාජයන්හි සියලු වගකීම් නායකත්වය පිට පවරා අසාධාරණ ලෙස ඔහුව නායකත්වයෙන් ඉවත් කරනවා!.. 
නමුත් හිතෙ කිසිදු කහටක් නොමැතිව මේ විශිෂ්ටයා නව තරුණ නායකයාට සිය උපරිම සහයෝගය ලබා දුන්නෙ ඔහු ක්‍රීඩා කලේ පුද්ගලික න්‍යාය පත්‍ර වලට නොව රට වෙනුවෙන්ම නිසා !..
ශතකයක් , අර්ධ ශතකයක් රැස් කරන සෑම විටම ජාතික ධජය සිබිමින් එය සමරන දිල්ශාන් ආරම්භක පිතිකරුවා වීමෙන් පසු 2009 සිට මේ දක්වා ශ්‍රී ලංකාව ජයගත් සෑම තරගයකම පන්දුවෙන් පිත්තෙන් හා පන්දු රැකීමෙන් කණ්ඩායමට එක ලෙස දායකත්වය සැපයු ඔහු අසාර්ථක වූ දිනක ශ්‍රී ලංකාව තරගයක් ජයග්‍රහණය කලේ කලාතුරකින් !.
සංගා මහේළ මොන තරම් ලකුණු රැස් කළත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයහ්‍රහණ සාධකය වූයේ දිල්ශාන්. 
2009 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියෙ මෙන්ම 2011 ලෝක කුසලානයේ වැඩිම ලකුණු ලාභීයා වූ දිල්ශාන්ට සංගාට මහේළට තරම්ම රසික ආදරය හා ගෞරවය ලැබිය යුතු වුවත් එය ඔහුට ලැබුනාද යන්න නම් ගැටලුවක්.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කොතරම් සාර්ථක වී ලකුණු රැස් කළත් IPL වැනි මුදලට ක්‍රිඩා කරන විදේශ ලීගයන්හි දක්ෂතා දැක්වීමට දිල්ශාන්ට නොහැකි වනවා !. 
නමුත් පෙරලා ශ්‍රී ලංකාවට පැමිණ අංක 23 සිංහ ජර්සීය ඇගලා ක්‍රීඩා පිටියට බසින තිලකරත්න දිල්ශාන් සිය සුපුරුදු දක්ෂතා අතරට පැමිණෙමින් ශ්‍රී ලංකාවේ තරග දිනවන මැශිම බවට පත් වන්නේ මේ ආදරණීය මිනිසාට ජවය සපයන්නෙ සිංහ ජර්සීය දැයි අපහට සැකයක් ඉතිරි කරමින් !..
කණ්ඩායම තුලත් ඉන් පිටතත් නිහතමානී සරල මිනිසෙකු උනත් ක්රීඩා පිටිය ඇතුලදි කිසි ලෙසකින් වත් පරාජය පිළි ගැනීමට සුදානම් නැති මේ ක්රීඩකයාගේ සටන්කාමීත්වය නිසාම ඔහුට "මහත්මයා" යනුවෙන් ආමන්ත්‍රණය කිරීමට අපගේ රසිකයන්ම අදි මදී කරනවා !.
සෑම පන්දුවකටම හතරෙ පහරක් හයෙ පහරක් එල්ල කළ හැකි තරග දිනවන පිතිකරුවෙක් , 
ස්ථාවර වී තිබෙන සබදතාවයක් බිද තමා කඩුල්ලක් ලබා ගත හැකි පන්දු යවන්නෙක් ,
කණ්ඩායමේ හොදම පන්දු රකින්නා සිටින පොයින්ට් කලාපයේ පන්දු රකිමින් ප්‍රතිවාදීන්ගේ ලකුණු කපා හරින ,
අවශ්‍ය මොහොතක කඩුලු රකින
දිල්ශාන් වැනි ක්‍රීඩකයෙක් ශ්‍රී ලංකා කණ්ඩායමට නැවත කිසිම දිනක ක්‍රීඩා නොකරනු ඇත.
පසුගිය දශකයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග ජයග්‍රහණයට වැඩිම දායකත්වයක් සැපයු , නමුත් කිසිම දිනෙක රසිකයන්ගෙන් ඔහුට සුදුසු ආදරය නොලැබු මේ විශිෂ්‍ටයා ලබන ඉරිදා එක්දින ජාත්‍යන්තර පිටියෙනුත් , 
එලබෙන නව වෙනිදා විස්සයි විස්ස පිටියෙනුත් සමුදි තවත් එක් මතකයක්ම වනු ඇත.
අවසන් වරට කණ්ඩායම ඇසු 
"දිලි දැන් ඔයා රිටයර් වෙනවාද ?" යන ප්‍රශ්ණයටත් කණ්ඩායමේ අනාගතය වෙනුවෙන් "හරි" ලෙස පිළිතුරු දී කණ්ඩායමෙන් සමුගෙන යන මේ ක්‍රීඩකයාට රසිකයන්ගේ නොමද ආදරය හා ගෞරවය සිය අවසන් තරග වලදි ලැබිය යුතුමයි.
තිලකරත්න දිල්ශාන් නම් ඒ ලාංකේය ක්‍රීකට් ක්‍රීඩාවේ කිරුලු නොපලන් රජුට උපහාරයක්ම වෙවා !..

No comments:

Post a Comment