Popular Posts

Thursday, September 6, 2012

History of The ENM Trophy-6



ඌව වෙල්ලස්සට ක්‍රිකට් වසන්තය කැන්ඳාලමින් 2012 වර්ෂයේ ENM කුසලාන තරඟාවලිය පසුගිය වර්ෂයේදී මෙන්ම මෙවරත් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලීය ක්‍රීඩාංගනයේදී ජූලි මස 21-22 යන දෙදින තුලදී පැවැත්විනි. මෙවර තරඟාවලිය පසුගිය වර්ෂවලදී මෙන්ම අතිඋත්කර්ශවත් අන්දමින් පවත්වන ලද අතර කණ්ඩායම් 22ක් මෙවර තරඟාවලියට සහභාගීවු අතර එය මෙතෙක්  ENM ඉතිහාසයේ වැඩිම කණ්ඩායම් ගණනක් සහභාගීවු තරඟාවලිය ලෙස ඉතිහාසයට එක්වේ. ඉතාමත් ඉහළ වියදමක් දරමින් සංවිධානය කර තිබූ මෙවර තරඟාවලියට CSN ආයතනය විසින් රූපවාහිණී මාධ්‍ය අනුග්‍රහය ලබාදෙන ලදි.
තරඟාවලිය ආරම්භයේදී බොහෝ දෙනෙකු අපේක්ෂා කරන ලද්දේ මෙවර ශුරතාවය THE කණ්ඩායම විසින් දිනාගනු ඇති බවයි. එහෙත් ඔවුනගේ සියලු බලාපොරොත්තු බොඳකරමින් මුලික වටයේදීම ඔවුනට තරඟාවලියෙන් ඉවත්වීමට සිදුවිය.
ඔවුන් තරඟාවලියෙන් ඉවත්වීමත් සමඟම තරඟාවලිය අනෙකුත් කණ්ඩායම් සඳහා වඩාත් විවෘත වීමක් දක්නට ලැබුණි. මේ අනුව පසුගිය වසරේ ශුරයන්වු IIT කණ්ඩායම,TEA කණ්ඩායම, සත්කාරක ENM කණ්ඩායම, SCT හා CST යන කණ්ඩායම් කෙරෙහි ශුරතාවය කෙරෙහි වැඩි බලාපොරොත්තු තබාගැනීමක් ප්‍රේක්ෂකයන් තුල දක්නට ලැබුණි.
ENM කුසලානය 3වරක් ජයගෙන සිටි ANS කණ්ඩායමට අර්ධ අවසන් පුර්ව තරඟයකදී ENM කණ්ඩායම අතින් පරාජය වී තරඟාවලියෙන් ඉවත්විමට සිදුවිනි.ඒ අනුව ANS කණ්ඩායම නියෝජනය කල ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩක ඉශංක ඉන්ද්‍රකුමාරගේ අවසන් ENM කුසලාන තරඟය බවට එම තරඟය පත්විණි.
පසුගිය වසරේ ශුරයන් වු IIT කණ්ඩායම මෙවරත් ඉතාමත් දක්ෂ ලෙස තරඟාවලියට අවතීර්ණ වුවද ඔවුනගේ ගමන අවසන් පුර්ව වටයෙන් නවතාලන්නට තරඟාවලියේ කළු අශ්වයා ලෙස හැදින්විය හැකි EAG කණ්ඩායමට හැකිවිණි. මඩුගල්ලේ,බුද්ධික වඩුගේ, රාශික් වැනි ප්‍රබල ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විත IIT කණ්ඩායම EAG කණ්ඩායම හමුවේ ලද පරාජය බොහෝ ප්‍රේක්ෂකයන් මවිත කරන්නක්ම විය. මූලික වටයේ සිටම දක්ෂ කණ්ඩායම් හමුවේ ක්‍රීඩා කිරීමෙන් ලද පන්නරය හමුවේ EAG කණ්ඩායම විසින් ENM ඉතිහාසයේ ප්‍රථම වතාවට අවසන් තරඟයකට ක්‍රීඩා කිරීමේ භාග්‍ය උදාකරගන්නා ලදි.
බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවු තීරණාත්මක අවසන් පුර්ව තරඟය වුයේ TEA  කණ්ඩායම හා ENM කණ්ඩායම අතර තරඟයයි. සුපිරිතම දක්ෂයන් මුනගැසෙන තරඟයක් ලෙස හැදින්විය හැකි මෙම තරඟයේ අත්දැකීම් බහුලබව වැනි සන්සන්දනාත්මක වැඩි වාසි TEA කණ්ඩායම සතු වුවත් සුපුරුදු සටන්කාමී බවින් පිරිපුන් ENM  කණ්ඩායමේ සුපිරි පන්දුයැවීම හමුවේ TEA කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරුවන්ට සිය සුපුරුදු නිදහස් පිතිහරබයට ඉඩ ප්‍රස්ථාවක් හිමිනොවුණි.වසර ගනනාවකට පසු ENM කණ්ඩායමේ පන්දු යැවීමේ බලඇණිය ඉතාමත් ඉහළ මටටමක පැවතීම මේ සඳහා බලපෑ ප්‍රධානම කරුණ විය.
කණ්ඩායම් නායක රඛිත, මිගාර, සිරිමල්, ඉශාර, අචල,  I කාන්, දෙමටන්පිටිය වැනි  අත්දැකීම් සහිත ප්‍රහාරාත්මක ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විත ප්‍රබල TEA කණ්ඩායමට මෙවරත් අවශ්‍යම මොහොතේ අවාසනාව නැමති සාධකය හිමිවීම නිසාදෝ අවසාන පුර්ව වටයෙන් ඉවත්වන්නට සිදුවිනි.කෙසේ වෙතත් ENM ඉතිහාසයේ 3වන ස්ථානය දිනාගන්නට සමත්වීම ( IIT කණ්ඩායම 3වන ස්ථානය සඳහා තරඟවැදීමට ඉදිරිපත් නොවීම මත 3වන ස්ථානය TEA කණ්ඩායම නිතරඟයෙන් දිනාගන්නා ලදි) මෙතෙක් ENM ඉතිහාසයේ ඔවුන් දැක්වු ඉහලම දක්ෂතාවය ලෙස සටහන් වේ.


පස්වන වතාවටත් අවසන් තරඟයක් නියෝජනය කිරීමේ වාසනාව හිමිකරගත් සත්කාරක ENM කණ්ඩායම හා ප්‍රථම වතාවට අවසන් තරඟයක් නියෝජනය කිරීමේ භාග්‍ය හිමිකරගත්,නවක ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විත EAG කණ්ඩායම අතර අවසන් මහා තරඟය සැබවින්ම  ආරම්භයේ සිටම ඉතාමත් තියුණු මුහුණුවරක් ගන්නා ලදි




රවින්ද්‍ර සේනාරත්න වැනි අත්දැකීම් බහුල ප්‍රවේගවත් පිතිකරුවෙකුගේ ආරම්භයෙන් සවිමත් වු ENM ඉනිම මධුරගේ මනරම් පිතිහරබයෙන් වර්ණවත් විය. අත්දැකීම් අතින් ENM කණ්ඩායම, EAG කණ්ඩායමට වඩා ඉදිරියෙන් සිටීම තරඟයේ ජයග්‍රහණය ඔවුන් වෙත ලබාගැනීමට උපකාරීවිය. අවසානමහා තරඟයක පීඩනය හමුවේ සහ දුර්වල පන්දු රැකීම හමුවේ තමන් වෙතින් ගිලිහීයමින් තිබූ තරඟය නැවත තමන් වෙත ලබාදීමට ENM පන්දුයවන්නෝ සමත් විය. අවසන් පන්දුවාරයට පෙර ENM ක්‍රීඩක නිර්මල විසින් යවනු ලැබු පන්දුවාරය තරගයේ වැඩි වාසි ENM කණ්ඩායමට අත්කරදීමට සමත්විය. මීට අමතරව ENM නායක ඩග්ලස්ගේ දක්ෂ නායකත්වය ගැන විශේෂයෙන්ම මෙහි සඳහන් කලයුතුමය. EAG කණ්ඩායම, කණ්ඩායමක් වශයෙන් ක්‍රීඩා කිරීම හමුවේ තරගාවලියේප්‍රබලතම කණ්ඩායම් රැසක් පරාජයට පත් කළද අවසන් තරගයක මින් පෙර අත්දැකීම් නොමැතිකම හා ප්‍රතිවාදී කණ්ඩායම ඔවුනට වඩා ඉදිරියෙන් සිටීම නිසා අනුශුරයන් ලෙස තරගාවලිය නිමා කරන්නට ඔවුනට සිදුවිය.
අවසානයේ ඉතාමත් තියුණු තරඟයකින් පසු 6වන ENM කුසලානය දෙවසරකට පසු නැවතත් තමන් සතුකරගන්නට ENM ක්‍රීඩකයෝ සමත් විය.




Man of the series         -    H.K.M. Douglas (ENM)
Man of the final match    -    K.D.M. Prabath (ENM)
Best batsmen             -    K.D.M. Prabath (ENM)
Best bowler              -    A.M.S.B. Atapattu (EAG)
Most sixes               -    K.D.M. Prabath (ENM)

11 comments: