Popular Posts

Thursday, March 7, 2013

මාලිංග, ක්‍රිකට් හා පරිපාළනය



ලසිත් මාලිංග විසින් මාධ්‍යවේදීන්ට ප්‍රසිද්ධියේ බැන වැදීම ගැන බොහෝ දෙනා විවිධ මත පළ කරති. බහුතරයක් දෙනා විසින් ඔහුගේ ක්‍රියා කළාපය දැඩිව හෙළාදකිනු දක්නට ලැබිණි. අතලොස්සක් තරම් වු පිරිසක් පමණක් ඔහු වෙනුවෙන් හඩ නගනු දක්නට ලැබිණි. ඒ වෙනකක් නිසා නොව ඔහු විසින් ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් කළ දෑ නිසාය. නොයෙසේනම් ඔහු තවමත් අපේ නිසාය.ඔහුට බනින බහුතරයක්  බනින්නේද ඔහු හදාගන්නට මිස නැතිකරන්නට නොවන බව ඔහු තේරුම්ගත යුතුය. ඇත්තටම තවමත් ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට නැතිවම බැරි ක්‍රීඩකයෙකි. ක්‍රිකට් ගැන අල්ප මාත්‍රයක් හෝ දන්නා අයෙක් ඔහුගෙන් ලබාගත හැකි අතිරේක වාසිය ගැන කතා කරනු ඇත. එහෙත් ලසිත් මාලිංග යනු ශ්‍රී ලංකා ක්‍රිකට් නොව ක්‍රිකට් නැමති ක්‍රීඩාවේ එක් සොඳුරු දඩයම්කරුවෙකු පමණි.



මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුත්තේ අප විසින් ඔහුගේ හැසිරීම දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවයි. ඒ වෙන කිසිවක් නිසා නොව විනය යනු ක්‍රීඩාවේ අංක 1 ලෙස අප විසින් තරයේ සලකනු ලබන බැවිනි. එහෙත් මෙම  සිද්ධිය හා බැඳුනු, සැගවුනු ගැටළුකාරී හා වේදනාකාරී කාරණා බොහොමයක් ඇති බව දැක ගත හැකිය. එනම්,
-ලසිත් මාලිංග විසින් තමන් ක්‍රීඩා කරන්නේ මුදල් වෙනුවෙන් පමණක් බව ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර තිබියදීත් ඔහුව විවේචනය කරමින් ක්‍රීඩා කරවන්නේ ඇයිද යන්න හා ක්‍රිකට් පරිපාළනය ඔහු වෙනුවෙන් ආදේශකයක් සොයා නොගන්නේ මන්ද යන්න.
-මුදලට පමණක් ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ගෙන් රටකට ඇති වැදගත්කම කුමක්ද යන්න හා අතීතයේ මෙන් ක්‍රීඩකයන් රට ගැන නොසිතන්නේ මන්ද යන්න..
-ක්‍රිකට් ගැන මළපොතේ අකුරක් නොදන්නා පුද්ගළයන්ට ක්‍රිකට් සම්බන්ධයෙන් විවේචනය කිරීමට ඉඩදීම කොතෙක් දුරට සාධාරණද සහ ක්‍රිකට් පිළිබඳ ප්‍රවීණයන් ඉදිරිපත් කරන තර්ක කොතෙක් දුරට ප්‍රායෝගිකද යන්න හා ඒවා කොතෙක් දුරට ඊර්ශ්‍යා සහගත බවින් මිදුනක්ද යන්න...
-"ශ්‍රී ලංකා ක්‍රිකට්" යනු ජාතික කණ්ඩායම පමණක්මද යන්න..
-මාධ්‍යවේදීන් හා කුළුපගව  කතාබහ කළ පමනින්ම ක්‍රීඩකයන් හා පරිපාළකයන් සියල්ල මහත්වරුන් වීම හා මාධ්‍යවේදීන්ට බැණවදින්නන් පමණක් විවේචනයට බඳුන්වීම කොතෙක් දුරට සාධාරණද යන්න..
-ජේ‍ෂ්ඨ ක්‍රීඩකයන් නොමැතිව බංග්ලාදේශය වැනි රටක් සමගවත් ක්‍රීඩා කිරීමට නොහැකි ඇයිද යන්න..
-කුළය, ප්‍රදේශය,විලාසිතාව,පවුල් පසුබිම හා වෙනත් අතිශය පෞද්ගලිකමය කාරණා ඉදිරිපත් කරමින් ක්‍රීඩකයන් විවේචනය කිරීමේ යටි අරමුණු මොනවාද යන්න..
ඉහත දක්වා ඇත්තේ මෙහි බොහෝ දෙනා නොදකින හෝ දුටුවද ප්‍රසිද්ධියේ කතා කිරීමට අකමැති ගැටළු කිහිපයක් පමණි.
සාමාන්‍ය ජනතාව වන ඔබ අප විසින් සිහිතබා ගත යුතු ප්‍රධානම දෙය වන්නේ ක්‍රීඩකයන් සියල්ලෝමද ඔබ අප මෙන් ඇට, ලේ.මස් වලින් හෙබි පෘතග්ජන පුද්ගලයන් බවයි,ඔවුනද ඔබ අප මෙන් නොනිමි ආශාවන්ගෙන් පෙලෙන්නෝ වෙති. සමහරු අතීතය අමතක කරති. තමනට උදවු කළවුන් අමතක කරති. ඒ සියල්ල වාණිජ ලෝකය ඔවුනට ඉගැන්වු දේය. සියල්ලෝම එසේ නොවෙතත් එසේ කළවුන් වර්ථමානයේ පමණක් නොව අතීතයේද ශ්‍රී ලංකාව නියෝජනය කළහ. එබැවින් මේ දෙස උපේක්ෂාවෙන් බැලිය යුතුය.
මෙහිදී ක්‍රීඩකයන් විසින් සිහි තබා ගත යුත්තක් ඇත. වාසනාවකට හෝ අවාසනාවකට ආසියාකරයේ ජනතාව ක්‍රිකට් ක්‍රීඩකයෝ උන්මාදනීය ලෙස දේවත්වයෙහිලා සලකති. ඒ ඔවුනගේ රට වෙනුවෙන් ක්‍රීඩා කරන තුරු පමණි. එසේ නොවන කළ ඔවුහු ඔවුනට මුදල් අපේක්ශාවෙන් ක්‍රීඩා කරන  කුළීකරුවන්ම පමණි. යම් දිනක ක්‍රීඩාවෙන් සමුගන්නා කළ ඔබ දේවත්වයෙන් පිදුම් ලබන්නේද එසේත් නොමැතිනම්  බිළියන ගනනක් හිමි කෝටිපති කුළී කරුවෙකු වෙනවාද යන්න තම තමන්ම තෝරාගත යුතුය. ගෞරවය බලෙන් ලබා ගත නොහැකිය. එය තමන් විසින්ම උපයාගත යුතුය.
ක්‍රීඩකයෝ හා පරිපාළකයෝ එති යති.එහෙත් ක්‍රීඩාව එලෙසම පවතින්නේය ,පැවතිය යුතුය.

14 comments:

  1. රට වෙනුවෙන් සෙල්ලම් කරන්නත් සල්ලි ඕන නේ මචං.... =D

    ReplyDelete
  2. We Don't know why ???????????????

    ReplyDelete
  3. කුහකයෝ..දියුණු වෙන්න බලපන් ගොනෙක් වෙන්නේ නැතුව..

    ReplyDelete
  4. cricket walata prasiddiya one na talent eka one.. madyawedin hambakaranna meminissu nisa, gedara ewa eka eka dewal dala. un balanne news eka wikunaganna witharai. dan boru baba pat danawa

    ReplyDelete
  5. රටට යමක් දුන්න රට වෙනුවෙන් යමක් කරපු තමන්ගේ හැකියාවෙන් හරි හම්බ කර ගන්න මිනිස්සුන්ට වද දෙන කාලකන්නි තේරුමක් නැති කසිකබල් මාද්‍යකාරයන් පිළිකුලෙන් හෙළාදකිමු . ඇමති වරැ, අමති ලේකමේලාගේ පස්ස ලොවන පත්තර කාරයො..

    ...මාලි අපි ඔබ සමගයි..

    ReplyDelete
  6. අනේ අම්මප මේ මාද්‍ය වේඩියොන්ට මුන් කතා කලත් වැරදී නොකළත් වැරදී...
    දැකල තිබුනත් වැරදී.. නොදැක්කත වැරදී...
    ඔන්න මීඩියා

    ReplyDelete
  7. ලෝකය්න්ම cricket ක්‍රිඩකයන්ට වැඩිම ප්‍රතිශතයක් වන 68% ගෙවන්න්නේ ශ්‍රී ලංකාව පමණි. එම මුදල අදායම් බදු වලට යටත් නැති (බුදු සහන යටතේ) ලබන අදායමක්, එහෙමෙ එකේ 78% ඉල්ලන එකේ සහ wifeලට BUSINESS CLASS air ticket ඉල්ලන එකේ තේරුම මොකක්ද?

    ReplyDelete
  8. අපේ ගමට කාලෙකදී ආභරණයක් උනු උඹ අද සල්ලි පස්සේ ගිහින් මනුස්සකම් අතින් හැදියාව අතින් වල පල්ලට ගිහින් කියල දැනෙනකොට හිතට හරි දුකයි බන්.... ජීවිතේ කියන්නේ සල්ලිම නෙවෙයි... ගමේ තිබුන මනුස්සකම, නිහතමානීකම උඹට අමතක උනාට රත්ගම ගමේ ඉන්න අපි ළඟ තාම ඒ ගති තියෙනවා... එකයි කෝටිපති මලින්ගයි අපියි අතර තියෙන වෙනස... දැන්වත් හැදෙන්න බලපන්....

    ReplyDelete
  9. දැන්වත් ඔය වචනයක් අල්ලන්ගන කරන සෙල්ලම නවත්තමුද?
    මාද්යට වගේම මාලින්ගටත් අදහස් ප්‍රකශ කිරීමේ අයිතිය තියෙනවා.
    පුලුවන්න්නම් ගොසිපෝ මාධයේම ඉන්න හොරු (සුදර්මන් පරනයකදගොඩ ආදී) ගැන කතාකරපන්කෝ.
    දුප්පත් පවුලකින් ආපු කොල්ලට තඩි බාන්නේ නැතිව
    ඇත්තටම ලැජ්ජ නැත්ද උඹලට..?

    ReplyDelete
  10. Dear Friends in Media
    You all get togather and hit a boy who came up with his skills and strength. He did something inappropriate but how many of you abused by politicians worse than this? how many of you took revenge like this? All this because he is just powerless skillful village boy who has unmatchable brilliance. How many of you work for politicians targets? on the other hand did he come behind you for publicity? You all just used his skills to make your living. Please be reasonable and forgive for what he said.

    Enough is enough.

    ReplyDelete
  11. දැන් අපෙ මිනිස්සු තමිල්නාඩුවෙ මිනිස්සු වගෙ .. එක කලෙක සරත් පොන්සෙක දැන් එයා ලග මොකෙක්වත් නැ. තව කලෙක ශිරනි දැන් එයාටත් එහෙමයි . 6%ක් ඉල්ල ඉල්ල ගියා දැන් එක ගොබිලෙකුටවත් එක මතක වත් නැ. අලුත්ම බයිට් එක මාලින්ග . එකත් ටික කාලයයි . සොඩා බොතල්

    ReplyDelete
  12. මම දකින විදිහට ලසිත් කතා කරපු වීදිහ තමා වැරදි, නැතිව මිනිහගේ ජීවිතේ අනිත් දේවල් නෙවි ඉගෙනගත්තු නැති එකවත් සල්ලිවත් නෙවි!! එයා හැදිලා තියෙන පරිසරේ ගැන ලිපියෙන් කියන්න හදන්නේ පුන පුන ඒ දේ!! අමතක කරන්න එපා ගිරව් දෙන්නගේ කතාව SLCB එකේ වැරදි තියෙනවා තමා එත් ඔය වෙච්ච අඩුපාඩුව උනේ ලසිතට විතරක් නෙවි සංගක්කාරලටත් ඔය කොන්ත්රත්තු ප්‍රශ්නේ තියෙනවා, මාධ්‍ය සංගක්කාරගෙනුත් ඔය ප්‍රශ්න ටිකම ඇහුව අපි හැමෝම දැක්කනේ, සංගක්කාර ප්‍රශ්න වලට මුණ දෙන විදිහ ලසිත් මුණ දෙන විදිහට වඩා වෙනස් වෙන්න අත්තේ හදිච්චා පරිසරය අනුව!! සල්ලි මත්තේ ගියත් කොච්චාර සල්ලි ලැබුනත් පොඩි කලේ ජීවිත වලට කා වැදුණු දේවල් එලියට එන එක නවත්තන්න අපිට බෑ............

    ReplyDelete
  13. ලසිත්ගේ මේ නොමනා හැසිරීම මා කිසිසේත් අනුමත කරන්නේ නැ .නමුත් ඔහු නිර්බයව ප්‍රකාස කල වචන මා අගයනවා.අද මාද්‍ය වේදීන් කියන්නේ අන්ත දුෂිත පිරිසක් එය ගණිකා වුර්තියට සමාන කලොත් නිවැරදියි .ඔහුන්ගෙන් 95%වැඩි පිරිසක් ජීවත් වෙන්නේ black mail කිරීමෙන් .සල්ලි යහමින් ඇති පුද්ගලයෙකුගේ නොමනා ක්‍රියාවක් සොයාගෙන මේක පත්තරේ දාන්ඩද කියලා අහනවා ඊට පස්සේ අර පුද්ගලයා විශාල මුදල් කුට්ටියක් දෙනවා.ලසන්ත වික්‍රමතුංග බිලියන කෙනෙක් උනේ මේ ආකාරයට.ඔහුට මුදල් නොදුන් දේසපලඥ ක් නැති තරම් මේ විදිහට මුදල් දෙන්ඩ බැරිම නිසා ඔහු මැරුම් කැවා .ලසිත් කියන්නේ මේරටට ජාතික සම්පතක්.මේ හිඟන රට මේ විදිහටවත් ඔලුව උස්සල ඉන්නේ.පිටරට වල වෙඩකරන ශ්‍රමිකයන් ගේන විදේස විනිමය නිසා .මැදපෙරදික වැඩ කරන අපේ කාන්තාවන් 2000 කට වඩා උපයන විදෙස මුදල් ප්‍රමාණයක් ඔහු මසකට උපයනවා.මේ වචනක් අල්ලාගෙන ඔහුට පහර ගැසීම මානම් අනුමත කරන්නේ නැ .මෙතන තියෙන්නේ පැහැදිලි ඉර්සියාවක් .ලංකාවෙන් බිහිඋන ජනප්ප්‍රියම ක්‍රීඩකයා ඔහුයි .

    ReplyDelete
  14. pissu hadei kuwalui....

    ReplyDelete